දේශපාලනඥයන්ගේ ඥාතීන්ට  රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් ඉල්ලා විදේශ අමාත්‍යාංශයට දැඩි  බලපෑම්….!

(skyworld.lk-Colombo-March 06 -2023) ආණ්ඩු පක්ෂයේ විවිධ දේශපාලනඥයන්ගේ ඥාතීන් රාජ්‍ය තාන්ත්‍රික තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයට යළිත් වරක් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි බව වාර්තාවෙනවා.

ලොවපුරා විවිධ රටවල විදේශ සේවයේ, ශ්‍රී ලංකා දූත මණ්ඩල 55 ක සහ කොළඹ අමාත්‍යාංශයේ පුරප්පාඩු 98 ක් පිරවීමට ඇති බව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කරනවා.

ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින්  වාර්තා වන්නේ රජයට සම්බන්ධ දේශපාලනඥයන් තම දරුවන් ඇතුළු ඥාතීන්ට තනතුරු ලබා දීමට දැඩිලෙස  උත්සාහ කර ඇති බවයි. මෙලෙස උත්සාහ කළ බහුතරයක් අවම වශයෙන් මෙරට අපොස සාමාන්‍ය පෙළ විභාගය වත් සමත් නොමැති ඉංග්‍රීසී දැනුමක් කිසිසේත් නොමැති පිරිසක් බව සොයාගෙන තිබෙනවා.

විදේශ සේවයේ අනුමත සේවක සංඛ්‍යාව 264 කි. කෙසේ වෙතත්, පුරප්පාඩු වී ඇත්තේ තනතුරු  98 ක් සඳහා 166 ක් පමණක් වන බවයි. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායකගේ පුත්‍රයා සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ සමීපතම ඥාතියෙකු ද තනතුරු අපේක්ෂාවෙන් සිටින පිරිස අතර සිටින බව දැනගන්නට තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *