මැතිවරණ සමයේ මාධ්‍ය හැසිරීම පාලනයට ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

(skyworld.lk-Colombo- June 16, 2023) මැතිවරණයක් සඳහා තරඟ වදින දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් චර්යාධර්ම පද්ධතිය (Code of Conduct) උල්ලංඝනය කළ විට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහාත්, මැතිවරණ දින නියමිත ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය භාවිතා කළ නොහැකි වන විශේෂයෙන් හඳුනාගත් ඡන්දදායකයින් සඳහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ඇති කිරීම සඳහාත් 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙනවා.

එසේම, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති විට මාධ්‍ය උපමාන (Media Guidelines) උල්ලංඝනය කරන අවස්ථාවන්හිදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් පනත,  පළාත් සභා මැතිවරණ පනත ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සහ පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම පිණිස ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිෙබන බව සදහන්.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පත් සම්පාදනය  කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබ ඇති බවත් ඉහත සඳහන් සංශෝධනයන් ඇතුළත් කරමින් අදාළ මැතිවරණ පනත් වෙන් වෙන් වශයෙන් සංශෝධනය කිරීම වෙනුවට මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත නමින් නව පනතක් හඳුන්වා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බවත් කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කර ඇති බව වාර්තාවනවා.

ඒ අනුව, අදාළ සංශෝධනයන් ඇතුළත් කරමින් නව පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිෙබනවා.

කෝටි ගණනට ශ්‍රීලාංකික දරුවන් යුරෝපයට විකුණන ජාවාරමක් ගැන මැලේසියානු  ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹයි.

(skyworld.lk-Colombo-April 21, 2023)  ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ  මහ පරිමාණෙය් ජාවාරමක් අනාවරණය කර ගැනීමට මැලේසියානු  ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමත්ව තිෙබනවා.

එෙලස ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ   බව කියන සැකකාර මැලේසියානු අඹුසැමි යුවළක් අත් අඩංගුවට ගැනීමට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමත් වූ බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දටුක් රුස්ලින් පවසනවා.

මෙම යුවළ යුරෝ 30000 ත් 50000 ත් (ශ්‍රී ලංකා රුපියල් 10543312 – 17572187) අතර මුදලක් එක් ළමයෙක් සඳහා අය කර ඇති බව රුස්ලින් මහතා පෙන්වා දී තිබේනවා.

මෙම යුවළ, විදේශ ගමන් බලපත්‍රය සෑදීම සඳහා තම දරුවන්ගේ උප්පැන්න සහතිකය රැගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස අවුරුදු 12 වයස් සීමාවේ පසුවන දරුවන් සිටින මැලේසියානු දෙමාපියන් පොළඹවා ගෙන ඇති බව රුස්ලින් ප්‍රකාශ කර තිබේනවා.

එසේ දෙමාපියන් පැමිණි විට ඔවුන්ගේ දරුවන් වෙනුවට සම වයසේ සිටින ශ්‍රී ලාංකික දරුවන් ඡායාරූප සහ ඇඟිලි සළකුණු ගැනීමට ඉදිරිපත් කර ඇති බවත් අනතුරුව සාර්ථකව විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්නා ශ්‍රී ලාංකික දරුවන් යුරෝපා රටවලට ජාවාරම් කර ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දටුක් රුස්ලින් පවසනවා.

පසුගිය 12 වැනිදා මෙම යුවළ දරුවකු සමඟ ක්වාලා ලාම්පූර් ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණ ඇති අතර එහිදී නිලධාරීන් යුවළගෙන් ප්‍රශ්න කිරීමේදී යුවළ සමඟ සිටි දරුවාට මැලේසියානු භාෂාව කතා කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් අත් අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කර අැති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *