සුදු ඇඳගත් කළු පත්තරකාරයා  හෙවත් සිරි රණසිංහගේ නොලියැවුණු ඉතිහාසය.

(SKYWORLD.LK-COLOMBO-DECEMBER 17-2023)  සිළුමිණ පුවත් පතේ 2023 දෙසැම්බර් 17 වෙනි ඉරිදා, දීපානි විශේෂාංග අතිරේකය පිටුවක් පුරා වෙන්වී තිබුණේ සිරි රණසිංහ නැමති පත්තර මාෆියාවේ ගෝඩ්ෆාදර් ගැනය. ඒ ලබන 20 වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිත -සිරිඅසිරි- නමැති සිරි රණසිංහ නැමැති පත්තරකාරයාගේ වෘත්තීය ජීවිතය පිළිබද විවරණය කෙරෙන උළෙල අරබයාය.

සිරි රණසිංහ නැමැති පත්තරකාරයාගේ වෘත්තීය ජීවිතය පිළිබද විවරණය කෙරෙන උළෙලට ඔහු ගැන නොලියැවුණු සත්‍ය තොරතුරු රැසක් අනාවරණය නොවුණහොත් එය ඔහුගේ ජීවිත විවරණයේ ලොකු අඩුපාඩුවක් මෙන්ම නොලියැවී ඉතිහාසගත නොවී වැළලී යන්නට ඇති ඉඩකඩ නිසා පාඨකයන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියටද ගරු කරනු වස් මෙම සටහන සනිටුහන් නොකරන්නට ඉඩ හැරීම සාධාරණීයකරණය කළ නොහැකිය.

සිළුමිණ පුවත් පතේ 2023 දෙසැම්බර් 17 වෙනි ඉරිදා, දීපානි විශේෂාංග අතිරේකය පිටුවක් පුරා වෙන්වී තිබුණේ සිරි රණසිංහ නැමති පත්තර මාෆියාවේ ගෝඩ්ෆාදර් ගැනයි. එම තොරතුරු වලින් අඩක්ම අසත්‍ය මෙන්ම ප්‍රබන්ධය. මෙම ලිපිය මගින් අතිශයෝක්තියෙන් රචනා කරමින් ඔහුගේ සැබෑ ප්‍රතිරූපය යටපත් කරමින් පාඨකයන් තුළ සිරි රණසිංහ ගැන හදිසියේම මෙලෙස ප්‍රශස්ථි ප්‍රතිරූපයක් නිර්මාණය කරන්නට යන්නේ ඇයි ද යන්න නොවිසදුණු ගැටළුවකි.

සිළුමිණ ලිපියෙන් සිරි රණසිංහ ගැන -සුරේකා නිල්මිණි ඉලංගකෝන් -නැමති ලේඛිකාව ලිපියේ ආරම්භයෙන්ම පවසන ආකාරයට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිරි රණසිංහ නැමත්තිගේ වෘත්තීය පුවත් පත් කලා ජීවිතයද මහා අසිරියක් බව බැහැර කළ නොහැකි සත්‍යයකි. නමුත් ලිපියේ ඇතැම් තැන්වල ලේඛිකාව පවසන තොරතුරු සත්‍ය නොවන අතර ඒවා හුදෙක් සිරි රණසිංහව අත්තේ තැබීම පිණිස ආදේශකරගත් අතේ පත්තු රෝල් බව පත්තර භාෂාවෙන්ම පැවසීම වඩාත් යෝග්‍යෙවේ.

මේ කෙරුම්කාර පත්තරකාරයාගේ මුල් නිවහන පත්තර මහ ගෙදර ලේක් හවුස් ආයතනයයි. ඔහු දිනමිණ පුවත් පතේ උප කර්තෘ කෙනෙකු ලෙස සේවය කර පසුව සිළුමිණ පුවත් පතේ කර්තෘ මාණ්ඩලිකයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී ඔහුව ලේක් හවුසිය රස්සාවෙන් දොට්ට දැමුවේ ඇයිද යන්න ගැන සිළුමිණම දන්නා ඇත්ත වසන් කර එම සත්‍යයට පිටුපා සිළුමිණ පුවත් පතින්ම සිරි රණසිංහ ගැන ගොතන ලද පුරාජේරුවක් සිනිටුහන් කරන්නට සැලස්වීම දෛවෝගත සිදුවීමක් බව පැවසීම වඩාත් නිවැරදිය.

පත්තර මාෆියාවේ තවත් චෞර ගෝඩ් ෆාදර් කෙනෙකු සමග රණසිංහ

සිරි රණසිංහ ලේක් හවුසියේ සිළුමිණ පුවත් පතේ කර්තෘ මණ්ඩලයට අනුයුක්තව සිටියදී සතියේ  සිකුරාදා දිනය වන විට  පුවත් පතේ සියලු කටයුතු නිමකර ප්‍රාදේශීය මුද්‍රණයත් සමග මුද්‍රණ ද්වාරයෙන් පුවත් පත එළිදැක ඒවා රටපුරා පිට පළාත්වලට බෙදා හැරීම සිදුවෙයි. එසේ තිබියදී එක් සතියක සිළුමිණ පුවත් පත් කීපයක් සොරාගෙන  ඒවා සිය ගමන් මල්ලේ සඟවාගෙන නිවසට යාමට සැරසුණු සිරි රණසිංහ ලේක් හවුස් මන්දිරයේ ප්‍රවේශවීමේ දොරටුව අභියසදී සොරාගත් සිළුමිණ පත්තර කීපයද සමග ලේක් හවුස් ආරක්ෂක නිලධාරීන්ගේ අත් අඩංගුවට පත්වීමේ සිට සියලුම සිදුවීම් සිරි රණසිංහ ගැන ලියන විවරණයේදී බැහැර වී ඇත්තේ ඇයිද යන්න ප්‍රශ්නසහගතය.

මෙම පත්තර සොරකම් කළ පත්තරකාරයාට සිදුවූයේ පත්තර කලාවේදී රස්සාවෙන් දොට්ට දැමීම ගැන අභියෝග කරමින් කම්කරු විනිශ්චය සභාව හමුවේ කාර්මික ආරවුල් පනත යටතේ ලේක් හවුසියට එරෙහිව නඩු පැවරීමටය. ලේක් හවුස් ආයතනය වගඋත්තරකරු වශයෙන් එම නඩු විභාගයේදී සිය උත්තරවාදයෙන් ප්‍රකාශ කර තිබුණේ සිරි රණසිංහ සිළුමිණ පුවත් පත් 3ක් සොරකම් කර ගමන් මල්ලේ සඟවාගෙන යාමට උත්සාහ කිරීමේදී ආරක්ෂ අංශ නිලධාරීන්ගේ අත් අඩංගුවට පත්වූ බවයි. පසුව ඒ පිළිබඳව සිදුකරන ලද විනය පරීකෂණයේදී සිරි රණසිංහට එරෙහි චෝදනා සනාථවීම නිසා ඔහුගේ සේවය අවසන් කළ බවයි.

කෙසේ නමුත් දෛවෝගත ලෙසින් සිළුමිණ පුවත් පත් සොරකම් කර ලේක් හවුසියේ පත්තර රස්සාව නැතිකරගත් සිරි රණසිංහ ගැන සිළුමිණ වදනක් හෝ තොරතුරු වාර්තා කර නොතිබුණි. සිළුමිණ කර තිබුණේ සිරි රණසිංහ පත්තර කලාවේ මහා වීරයෙකු ලෙස ජුගුප්සාජනක ආකාරයෙන් ඔහුගේ ප්‍රතිරූපය පුම්බා ඔහු ගැන ලියා තිබුණු ලිපිය කියැවූ මට මහත් ලැජ්ජාවක් ඇති වූ නිසාම සමාජයට සත්‍යය ජනගත කිරීමේ අරමුණින් මෙම සටහන සම්පාදනය කළෙමි.

ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ ප්‍රවෘත්ති පළ කිරීමේදී අල්ලස් වලට දැඩිලෙස ගිජුවීමට සිරි රණසිංහ පෙළඹුනේ ලේක් හවුසියේ දිනමිණ සහ සිළුමි‍ණ පත්තරවලින්ය. මොහුගේ එම නින්දිත ඉතිහාසයේ පන්නරය දිනමිණ පත්‍තරෙන් ලබාගත් ආභාෂය තවදුරටත් පැහැදිලි කළ හැකිය. අනුරාධපුර වාර්තාකරුවන්ගේ මොහු වියළි මිරිස් ඉල්ලයි. බදුල්ල-බණ්ඩාරවෙල වාර්තාකරුවන්ගෙන් තේ කොළ, අර්තාපල්, කඳුරට එළවළු අල්ලසට ඉල්ලයි. තිස්සමහාරාම වාර්තාකරුගෙන් සිරි රණසිංහ ඉල්ලන අල්ලස රුහුණේ මී කිරිය. ඔහු මී පැණි ඉල්ලා කරදර කරන්නේ මහියංගන හා බිබිල වාර්තාකරුවන්ගෙන්ය.

පත්තර රස්සාවේදී මෙවන් අවිචාරමත් ක්‍රියාකාරකම් රැසක නිරතවුණු සිරි රණසිංහගේ රස්සාව නැතිවීම ගැන අනුකම්පා කර ජ්‍යෙෂ්ඨ පත්තර කලාවේදී එස්. සුබසිංහ මහතා ඔහුව විජය පුවත් පත් සමාගමට බඳවාගත්තේය.  නමුත් සිරි රණසිංහගේ සුපුරුදු අල්ලස් කෙරුවාව විජය පුවත් පත් සමාගමෙන් මහත් සේ පුළුල් පරාසයක් කරා විහිදුනේ පත්තර කර්තෘ කෙනෙකු ලෙස සිය බලය අයුතු ලෙස පරිහරනය කර ගනිමින් හෙතෙම හොර දේශපාලකයන්ගේ  බලවතුන්ගේ තොරතුරු මාධ්‍යයට වාර්තා කිරීමෙන් වැළකී හොරුන්ගෙන් වරප්‍රසාද ලබාගැනීමට ඉඩ ප්‍රස්ථා නිර්මාණය කර ගත්තේය. ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවේ පටන් රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව දක්වා 33 වසරකට අධික කාලයක් ඔහු ජරාව නොගත් ආණ්ඩුවේ බලවත් හොරුන් කිසිවෙකු ඉතිරි කළේ නැත.

සිළුමිණ විශේෂාංගය වාර්තා කරන ආකාරයට පුවත් පත් කලාවේ  කෙරුම්කාරයෙකු බව පවසන සිරි රණසිංහ ඇත්තටම එසේ නොවේ. ඔහු කෙරුම්කාරයෙකු වන්නේ පුවත් පත් කලාවේ කඩතුරාවෙන් අල්ලස් ගැනීම, දූෂිතයන් වංචාකාර දේශපාලකයන් නිලධාරීන් ගැන පළ කළ යුතු ප්‍රවෘත්ති පළවීම වළක්වා ඔවුන්ගෙන් ජරාව කෑම, විශේෂ වරප්‍රසාද ලබාගැනීම වැනි නිර්ලජ්ජිත වැඩ ගැනයි.

පුවත් පත් සොරකමකින් ලේක් හවුසියෙන් දොට්ට දැමූ ඔහු පත්තර කලාවේ ගෝඩ්ෆාදර් වන්නේ එම සොරකමේ පන්නරය හරහාය.මෙවැනි තක්කඩියෙකු කිරි කලයෙන් නාවා ඔහු ගැන ප්‍රශස්ති ගුණ වැයීමට හා ඔහුට උපහාර උළෙලක් පැවැත්වීමට යාම කොතරම් අභාග්‍යසම්පන්නදෙයක්ද?  සිරි රණසිංහට මෙම ව්‍යාජ ප්‍රචාරය අවශ්‍යව ඇත්තේ කුමක් නිසාද? මේවාට පිළිතුරු කාලය විසින් සොයනු ඇත. සත්‍යය කාලයේ වැලි තලාවෙන් තාවකාලකව වැසීගියත් එය සදාකාලිකව යටපත් කළ නොහැකිය. සත්‍යය යටපත් කරගනිමින් අසත්‍යය මත කිරුළු පළඳන්නට බොළඳ වෑයමක නිරත සිරි රණසිංහ ගැන පුවත් පත් කලාවේ දන්නෝ දනිති.

පුවත් පත් කලාවේ සැබෑ ලෙසින්ම නිරතවී ජනතා යහපත වෙනුවෙන් සිරි රණසිංහ වැනි සොර දෙටුවෙකුගෙන් පෑන මෙහෙය වන්නට හැකි යැයි අප විශ්වාස නොකරමු. ඔහුගේ අවුරුදු 48 ක මාධ්‍ය ජීවිතයේ අවුරුදු 33 ක් ම ඔහු වෙන්කර තිබුණේ ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවේ පටන්ම වත්මන් රනිල් රාජපක්ෂ ආණ්ඩු පාලන තන්ත්‍රයන්හි දූෂිත ලොකු ලොක්කන්ගේ සොරකම්, දූෂණ, අක්‍රමිකතා, වංචා වැනි බරපතළ අපරාධ පිළිබඳ ප්‍රවෘත්ති සිය පුවත් පත් සමූහයෙන් අනාවරණයවීම වළක්වා ගැනීමට සිය බල ආධිපත්‍යය පතුරුවා ගැනීමය. එවැනි තොරතුරු ගවේෂණය කර ඒවා වාර්තාකළ පුවත්පත් කලාවේදීන් බිල්ලට දී ඔවුනව පාවාදී තක්කඩි දේශපාලනඥයින්ගේ අල්ලස්,වරප්‍රසාද හා අයුතුලාභ ලබාගත් සිරි රණසිංහ ගැන ලියැවුණු කිළිටි ඉතිහාසය සිළුමිනේ මෙවැනි ලිපියකින් සෝදා හැරිය නොහැකිය. සොර දෙටුවන් ගැන අධිකරණයෙන ලබාදුන් තීන්දු පවා මොහු පුවත් පතේ වැඩි ඉඩක් නොදී කොහේ හෝ මුල්ලක පළකරයි. ලංකාදීප කර්තෘධුරය හොබවමින් මොහු දූෂිත දේශපාලනඥයින් වශයෙන් නම්දැරූ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, කෙහෙළිය රඹුක්වැල්ල, නිමල් සිරිපාල ද සිල්වා, මෛත්‍රීපාල සිරිසේන, එස්.එම්. චන්ද්‍රෙස්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කාංචන විජේසේකර, පවිත්‍රා වන්නාආරච්චි, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ,සනත් නිශාන්ත, යන අයවළුන්ගෙන් ලබාගත් වරප්‍රසාද සුළුපටු නොවේ.

සිරි රණසිංහ පිම්බීමේ ක්‍රියාවලිය ආණ්ඩුවේ ආණ්ඩුකාරවර තනතුරක් ලබාගැනීමට දරණ උත්සාහයක් බව බොහෝ දෙනාගේ මතය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *