රාජ්‍ය ආයතන 100කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමටආණ්ඩුව සැරසෙයි.

(skyworld.lk- Colombo-March, 05, 2023 ) රාජ්‍ය කොමිසන් සභා, රාජ්‍ය අනුබද්ධ ආයතන සහ උපදේශක මණ්ඩල 100කට අධික සංඛ්‍යාවක සේවා අවශ්‍ය නොවන බව හෝ පවතින  සෙසු ආයතන මගින් ඒකී කාර්යභාරය  ඉටු කරගත  හැකි බවට අනාවරණය වීමෙන් පසු රජය විසින් එම ආයතනවල බලතල අවසන් කිරීමට හෝ පැවරීමට කටයුතු කරනු ඇති බවට අලුත්ම ආරංචි මාර්ගයකින් වාර්තාවෙනවා.

ඒ අතරින් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව මාර්තු 31 වැනිදා සිට වසා දමා එහි කටයුතු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවරා ගනු ඇති බවට පැවසෙනවා.

වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකයින් 15 දෙනෙකු සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 36 දෙනෙකු නඩත්තු කිරීම සඳහා රජය මේ වන විට රුපියල් මිලියන 5.8 ක් වැය කරයි.

කොමිෂන් සභාව පසුගිය මාසයේ කාර්ය මණ්ඩල වැටුප් සඳහා රුපියල් මිලියන 2.7 ක් සහ BMICH හි කුලිය සඳහා රුපියල් මිලියන 1.4 ක් වැය කර ඇති අතර එහි මුළු වියදම රුපියල් මිලියන 5.1 කි. මේ වසර සඳහා කොමිෂන් සභාවට අවැයෙන් ආණ්ඩුව  රුපියල් මිලියන 71ක් වෙන් කර ඇත.

වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ කටයුතු මීට පෙර සිදු කරනු ලැබුවේ මුදල් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ මගිනි.

කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ සේවයේ කාර්ය මණ්ඩල සඳහා අන්තර්ග්‍රහණය කිරීමට නියමිතයි.

එසේම 2021 අගෝස්තු මාසයේදී එවකට ජනාධිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ස්ථාපිත කරන ලද උපදේශක මණ්ඩලයද වසා දැමීමට නියමිතව තිබෙනවා. එම කටයුතු දැනටමත් අධිකරණ අමාත්‍යාංශය මගින් සිදු කෙරෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇත. අවම වශයෙන් කොමිෂන් සභා, ආයතන සහ උපදේශක මණ්ඩල 50ක් වසා දැමීම සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති අතර තවත් එවැනි ආයතන 50ක් හඳුනා ගැනීමට නියමිතය.

අවම වශයෙන් එවැනි ආයතන 17 ක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර ඒවා ඉක්මනින් වසා දමනු ඇති බව උසස් නිලධාරියෙක් පැවසුවා

ආයතන වසා දැමීමට තීරණය කිරීමේදී අධික වියදම්, රාජකාරි අතිච්ඡාදනය වීම සහ ඒවායේ කාර්ය සාධනය සැලකිල්ලට ගෙන ඇති බව ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *